Spread the love

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ , ඉරණමඩු ප්‍රදේශයේ සිදුකෙරෙන අනවසර වැලි ගොඩදැමීම් සම්පූර්ණයෙන් නතර කර ඇතැයි

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

එලෙසම අනෙකුත් ප්‍රදේශවල බලපත්‍ර ලාභීන්ගේ වැලි ගොඩ දැමීමද වහාම නතර කරන ලෙසත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි .

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලද්දේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අනවසර වැලි ගොඩදැමීම පාලනය කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.