Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව ආචාර්ය සුරේන් රාඝවන් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවය.

“විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ වනවිට දවස් 28ක වැඩ වර්ජනයක් තියෙනවා. ‍මේක අවාසනාවන්ත වැඩ වර්ජනයක්. පාඩුව ලබන්නේ අනාගත පුරවැසියන්. සෘජු පාඩුව දවසකට මිලියන 150ක්. රජයට අවශ්‍ය නෑ මේක මේ ආකාරයට දික්කර ගන්න. වෘත්තීය සමිති වලටත් මේක මෙහෙම ‍ගෙනියන්න අවශ්‍ය නෑ. අපි මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනවා ‍කෙසේ ද මේක විසඳගන්නේ කියලා. වෘත්තීය සමිති නායකයින් දෙදෙ‍ෙනක් සමග මම දුරකථනයෙන් සාකච්ඡා කළා. සඳුදාත් සාකච්ඡා කරනවා. මගේ බලාපොරොත්තුව නම් අපි මේක මැද මාවතකින් විසඳාගත යුතුයි.,”