Spread the love

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ශ්‍රවන ආබාදිත වුවන්හට රියදුරු බලපත් ලබාදුන්නද රියදුරු බලපත් ලබා ගත් පුද්ගලයින් නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර රිය අනතුරු පහක් සිදු කර ගත හොත් රියදුරු බලපත්‍රය අහෝසි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මන්ද දිනපතා ලංකාවේ රියඅනතුරු බහුලව සිදුවන බැවින් එම රියඅනතුරු වලකා ලීමට රජය නොයෙන් ආකාරයෙන් රියදුරුන් දැනුවත් කරන යුගයක අනිවාර්යයෙන් ම ශ්‍රවන ආබාධ ඇති අයට රියදුරු බලපත් ලබාදීමේදී මාර්ගයේ රිය ධාවනය කරන රියදුරන් මොවුන් ගැන දැඩි අවධානයකින් පසුවිය යුතුයි.
නියමු ව්‍යාපෘති යක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පටත් ගත්තද මෙසේ තාවකාලික රියදුරු බලපත් ලබාගත්අයගේ රිය ධාවනය පිළිබද දැඩී අවධානයෙන් පසුවනු ඇත. ඹවුන් නිසියාකාරය රිය ධාවනය කළහොත් ඹවුන්ට ඉ දිරියේදී මෙතෙක් වසරකට සීමා කොට ලබාදි තිබෙන රියදුරු බලපත ස්ථිර රියදුරු බලපතක් ලෙස ලබාදීමට පියවර ගැණේ.

. ශ්‍රවන ආබාධ පුද්ගලයින් සදහා රියදුරු බලපත් ලබා දී ඇත්තේ සැහැල්ලු වාහන සදහා පමණි. යතුරු පැදි ,ත්‍රිරෝද රථ හා මෝටර් කාර් සහ වෑන් රථයි. යතුරු පැදියක්,ත්‍රී රෝද රථ හා වාහන පදවන්න් තමන් පදවන වාහනයට අනුව සංඛේතවක් කරමින් ස්ටිකර් හා බෝඩ් එක ඉදිරිපස හා පිටුපස ප්‍රදර්ශනය කළ යුතුයි.
යතුරු පැදි කරුවන් තම හෙල්මට් එකේ හා ජකට් එකේ ද ප්‍රදර්ශනය කළ යුතුයි.ශ්‍රවන ආබාදිතයින් රිය ධාවනය කිිරීමේදී නමුත් තමුන්ගේ නමට යතුරු පැදියක් ,ත්‍රී රෝද රථයක් හෝ කාර් වෑන් රථයක් තිබිය යුතුයි. එසේ නොමැති අයට අදාල මාස තුනකු පුහුණු කාල සීමාවට බදු වශයෙන් වාහනයක් ලබා ගෙන තිබිය යුතුයි .එහෙම ගත් අයට පමණක් මෙම රියදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගෙන තිබේ. මෙහිදී මොන හේතුවක් නිසාවත් ශ්‍රවන ආබාධිතයින් කුලි රියදුරුන් ලෙස සේවය නොකල යුතුයි.

විදේශ රටවල ශ්‍රවන ආබාධිතයින් සදහා රියදුරු බලපත් ලබාදී තිබීමත් ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට ආසන්න බිහිරි ප්‍රජාව පුරා වසර ගණනාවක් තිස්සේ කළ ඉල්ලීමට රජය සවන් දීමෙන් පසු ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන හා ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙම තීරණය ගෙන තිබේ.

නමුත් මෙහිදී තමුන් පදවන කුමන වාහනයක් හෝ පොලිස් නිලධාරීන් පරික්ෂා කිරීමේදී හෝ අනතුරකට භාජනය වු අවස්ථාවකදී මෙම රියදුරන් ළග වීඩියෝ තාක්ෂණය හරහා කෙනෙකු සමගින් සම්බන්ධවිය හැකි දුරකථනයක් හා සංඛේත භාෂා පරිවර්ථකයින් කළහැකි දෙදෙනකු ගේ දුරකථන අංක හදිසියකදී අදහස් හුවමාරු කර ගැනීම සදහා තිබිය යුතුවෙයි.
මෙම නියමු ව්‍යෘපෘතිය සාර්ථක වුවහොත් ඉදිරියේ දිවයිනපුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතයි
ශ්‍රවන ආබාධිතයින් සමාජයෙන් කොන් නොකර ඹවුන්ට රිය පැදවිමට අනුමැතිය ලබා දුන්නද ඹවුන් පිලිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙස රියදුරන්ගෙන් හා විශේෂයෙන් බස්රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටි බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩි දුරටත් පැවසුවේය

විඩියෝව නරඹන්න subscribe කරන්න