Spread the love

අනුරාධපුරය, රඹෑවේ අද අළුයම කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටී සිදුවූ බිහිසුණු අනතු‍රකින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබේ.

සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන අතර කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබුණි.

අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබද පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.