Spread the love

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම ඊයේ (11) දිනයේ 10% පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් මිලියන 44 ආදායමක් ලැබි ඇතිබව පැවසීය.

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුල් කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් 14 වැනිදා විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු වල යම් වාහන තද බදයක් ඇතිවීමේ අවධානමක් පවතියි.
එම තද බදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇතිබව පැවසීය.

ඒ අනුව මේ වනවිට අධිවේගී මාර්ග වල සේවකයන්ගේ නිවාඩු 25 වනදා දක්වා අවලංගු කර ඇතිබව පැවසීය.

අවශ්‍ය වුවහොත් පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩිකිරීමට කටයුතු කරන බව ද පැවසීය