Spread the love

දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේදී අද (19) පස්වරුවේදී වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

එක් වාහනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අධිවේගී පොලීසිය පවසයි.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මේ වන විට අනතුරට පත් වාහන ඉවත් කර මාර්ගය වාහන ධාවනයට විවෘත කර ඇති බවද පොලීසිය පැවසීය.