Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලණිගම අතර ලොරි රථයක් පෙරලීමෙන් මාතර දෙස  සිට කොට්ටාව දෙසට මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

ලොරිය පෙරලීමත් සමගින් මාර්ගය අවහිර වීම නිසා මාතර සිට කොළඹ දෙසට පැමිණෙන සියලුම රථවාහන දොඩන්ගොඩ හුවමාරුවෙන් පිටවිය යුතු බව  මාර්ග  සංවර්ධන  අධිකාරිය පවසයි.

එම රථවාහනවලට මතුගම කළුතර මාර්ගය ඔස්සේ පැමිණ ගැලණිගම හුවමාරුවෙන් නැවත අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන්කළ හැක.