Spread the love

රාගම, තේවත්ත දඹුව හන්දිය අතුරු මාර්ගයේ දී තේවත්ත දෙස සිට දඹුව හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වයසැති කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය පිළිබද රාජගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.