Spread the love

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක නවයක් පළාත් නවය තුළ ස්ථාපිත කිරීම, කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව විද්‍යාත්මක හා ප්‍රමුඛතා අනුපිළිවෙලක් මත පදනම්ව 100 සහ 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීම මෙම යෝජනාවට ඇතුළත්වෙයි.

එසේම පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක ඇගැයීම් වල වලංගුතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් දැනට පවතින කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 314ක් ද ඇතුළත් කරගනිමින් පාසල් මණ්ඩල 350ක් ස්ථාපිත කිරීම, තෝරගත් ද්විතීයික පාසල් එකක් හෝ කිහිපයක් ප්‍රමුඛ පාසල් ලෙස නම් කරමින් එක් පොකුරක් පාසල් 8 සිට 12ක් පමණ වන සංඛ්‍යාවකින් සමන්විත වන පරිදි සමස්ත පාසල් පද්ධතිය පාසල් පොකුරු 1220කට ඇතුළත් කිරීම යන කරුණුද එහි ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.