Spread the love


නිමල් රාජපක්ෂ-

අද දින (02) සිට කුකුළු මස් මිල රුපියල් සියයකට වඩා අඩු කරමින් හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1250ක මුදලකට සියලුම සුපිරි වෙළෙදසැල්වල අලෙවි කිරීමට කුකුළුමස් නිෂ්පාදකයින්ගේ සංගමය එකඟවෙයි.
කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවන් , මහා පරිමාණ බිත්තර නිෂ්පාදනයින් .ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ජාවකදි මෙම තීරණය ගෙත ඇත.

රජය මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අවධාරණය කළේය.

කුකුළු මස් හා බිත්තරවලින් අපේ රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළුමස් මිල ඉහළයාම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ගැටළුවක් වී තිබේ. එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර මිල හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අද සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කළේය.