Spread the love

නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර පැවැත්වීම හේතුවෙන්අද (27) රාත්‍රී 7.00 සිට රාත්‍රි 8.30 දක්වානුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙයි.

පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී, අත්නගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

පෙරහැර ගමන් කරන කාලය තුළ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මං තීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මං තීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ නිසා කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියැදුරන්ට සහ මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටි.