මාස 06 කට පමණ පසු, අද (10) දිනයේ දී ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් හා විකුණුම් මිල රුපියල් 303.26 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.
2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.