Spread the love

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වන අතර අද (22) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද  සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා ජනතාව ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව ඉල්ලාසිටී .