Spread the love

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන ලබාදීමට (16) අද සිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය පවසයි.
ඒ අනුව දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ භාණ්ඩ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සඳහා එලෙස ඉන්ධන ලබාදීමට නියමිත බව එම කාර්යාලය පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරු මඟින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබා දීමට ද පියවර ගෙන තිබේ.
මේ අතර මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා ද නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් මඟින් ඉන්ධන ලබාදීමට කටයුතු සැලසුම් කර තිබේ.