Spread the love


රුපියල් බිලියන 12 ක මුදලක් වැයකොට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30 කට පමණ සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනට කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් හෝ මැදිහත් වීමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තු සකස් කිරීම ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ අධික්ෂණය යටතේ එහි නිලධාරීන් විසින් කිසිදු බලපෑමකින් තොරව සිදුවන බවට තමන් 100 % ක්ම සහතික වන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටුනු ජනතාව ආරක්ෂා කරගනිමින් සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කළ යුතුය යන්න බොහෝ දෙනාගේ මතය බවත් , ඒ් අනුව මේ සිදුකරනු ලබන්නේ එවන් කටයුත්තක් බව සඳහන් කළ අමාත්‍යවරයා එසේම මීට වසර 02 කට පෙර බිලියන 65 ක්ව තිබූ සහනාධාර ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 205 දක්වා කිහිප ගුණයකින් වැඩි කිරීමට කටයුතු කළ බවද පෙන්වා දෙනු ලැබුවා.
සහල් ලබාදීමේ වැඩසටහන තුළින් අඩු ආදායම් ලාභියාට යම් සහනයක් ලබාදීම මෙන්ම වී සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීම තුළින් වී ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමට යම් මාර්ගෝපදේශයක් සැපයීමද රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එමෙන්ම අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 30 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් ලබාදීම මෙම මාසයේ මෙන්ම මැයි මාසයේ 10 වන දින වලදී සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.