Spread the love

අක්මා බද්ධ කිරීම් නව වැඩ පිළිවෙලක් පේරාදෙනිය ශික්ෂණ රෝහල ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න මහතා පවසයි.

මේවනවිට අවයව බද්ධ කරගැනීමට නොහැකිව වාර්ෂිකව පන්දාහක් පමන මරණයට පත්වන බවත්, නව පර්යේෂණ තුළින් සාර්ථක බද්ධ කිරීමේ වැඩසටහන් මේවනවිට සිය රෝහලේ සිදු කරන බවත් හෙතෙම පැවසුවේය.
මන්ද වකුගඩු බද්ධ කිරීම ඕනෑම රෝහලක සිදුකලත් අක්මා බද්ධ කිරීම් තරමක් අසීරු කාරියක් බවත් අවයව පරිත්‍යාග කරන අයකුගෙන් ලබාගැනීමට අමතරව අක්මාවක් බද්ධ කිරීමට අධික වියදමක් දැරීමට සිදුවන බවද වෛද්‍ය අර්ජුන් තිලකරත්න මහතා සදහන් කළේය.

මරණයෙන් පසු අක්මා බද්ධයන් වෙනුවෙන් තම අවයව පරිත්‍යාග කිරීමට කැමැති බව සඳහන්කර අභිලාෂ පත්‍රිකාව අත්සන් කිරීමේ වැඩසටහනක් පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී.ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂ වරයා අදහස දක්වමින් ,
.ඕනෑම අයෙකුට මරණයෙන් පසු අවයව පරිත්‍යාග කලහැකි බව පෙන්වාදුන් අධ්‍යක්ෂ වරයා මේ පිළිබඳ සියළු විමසීම් රෝහලේ විමසීම් කවුළුවෙන් ලබාගතහැකි බව වැඩිදුරටත් පැවැසීය.