Spread the love


නිමල් රාජපක්ෂ-

මින් ඉදිරියට අක්කර බදු අයකිරීම මුළු මනින්ම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අක්කර බදු වශයෙන් අය කර ගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සඳහන් කළ බවත්, විශේෂයෙන් මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් රජයට ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට සිදු වෙයි.

එමනිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අතිහිටුවීමට පියවර ගන්නා බවත් ,විශේෂයෙන් මින් දශක කිහිපයකට පෙර බයිසිකල් බලපත් නිකුත් කිරීම මෙන්ම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත් නිකුත් කිරීම වැනි කටයුතු සිදු කෙරුණ ද පසුව ඒවා අත්හිටුවනු ලැබීය. ඒ ආකාරයට අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයක් පමණ වේ.