Spread the love

කොළඹ වරාය නගරයේ නම ඉදිරියේදී කලම්බු ෆයිනෑන්ෂල් සිටි ලෙස වෙනස් විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා ඊයේ (19) පැවති පාර්ලිමේන්තු රැස්වීමේ වරාය නගරය පිළිබඳ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ඔහු කියා සිටියේ ඩුබායි සහ අබුඩාබිහිදී ලබන 26 වනදා කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජන සඳහා හදුන්වා දෙන බවයි.