Spread the love

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂයට එක්කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් විරෝධය දක්වා ඇති බව වාර්තාවේ.

ෆොන්සේකා මහතා ආණ්ඩුවට සම්බන්ධ කර නොගත යුතු බවට ඔවුන් මේ වන විටත් ඉහළටම දන්වා දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

මේ හේතුවෙන් සරත් ෆොන්සේකා මහතා නැවතත් සමගි ජන බලවේගී නායක සජිත් ෆොන්සේකා මහතා මුණගැසී ඇත.

ඒ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීම මතයි.

කෙසේ වෙතත් තමන්ට මේ පිළිබඳව තනිව තීන්දුවක් ගත නොහැකි බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයට සමග සාකච්ඡා කළ යුතු බවත් එහිදී සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත.