Spread the love

සමගි ජන බලවේගය විසින් පසුගියදා පවත්වන ලද විරෝධතාවය පිළිබඳව එහි සභාපති සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින්නේ යැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

පක්ෂයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා පක්ෂය ඇතුළේ කතා කළ යුතු කාරණා එළියේ කතා කරනවාට තමන් විරුද්ධ බවත් ඔහු පැවසීය

මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“සරත් ෆොන්සේකා මහතා සභාපති. ඇතුළෙ කතා කරන්න ඕන ඒව එළියෙ කතාකරනවට නම් මම විරුද්ධයි. සමහර අය හිතේ අමාරුවට කරන ප්‍රකාශ තියෙනවා. සමහර අය යම් යම් ද්වේශයෙන් කරන ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රකාශය ගැන මම හෙලාදකිනවා. මම ඊට වැඩිය ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. පක්ෂයේ සභාපති ඊට වැඩිය වගකීමෙන් කතා කරන්න ඕනා.”