Spread the love

නිමල් රාජපක්ෂ-

කඩවත ප්‍රදේශයේ අන්තර් ජාලය හරහා ප්‍රචාරය කොට ප්‍රවේශපත්‍ර අලෙවි කොට පවත්වාගෙන ගිය ෆේස්බුක් පාටියක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි තරුණ තරුණියන් 14 දෙනෙකු ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් ව්‍යාජ ගැණුම් කරුවන් ලෙස ප්‍රවේශපත්‍ර ලබාගෙන එම පාටියට ඇතුළු වී එහි පවත්වාගෙන ගිය ඩී.ජේ සංගීතය සහිත පාටියට ඹවුන්ද සහභාගිවී සිටි අවස්ථාවේ එම ස්ථානයේ මත්ද්‍රව්‍ය අලෙවිය හා එහි පැමිණ සිටි තරුණ තරුණියන් එවා භාවිතා කරන බවට කරුණු සථාථ කර ගැනීමෙන් පසු සුරාබදු බලධාරීන්ට එම අවස්ථාවේදීමට දන්වා මෙම මත් ජාවාරම කොටු කර ගැනීමට සමත්වි තිබේ.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ගේ උපදෙස් මත , ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ, ජාඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක කලා රසික විජේසිංහ , මීරිගම සුරාබදු සථානාධිපති වයි.ඒ.ඩී යාපා යන මහත්වරු සුගොඩ සුරාබදු ස්ථානයේ නිලධාරින්ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වු රොහාන් රණසිංහ මහතා ,