Spread the love


නිම්ල් රාජපක්ෂ-
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 535 දරණ කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ (ෆවුසියේ )ඊයේ (27) කළ සෝදිසි මෙහෙයුමකදි ප්‍රවේශපත්‍ර නොමැති හා 3 වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 වන පංතියේ ගමන් කල මගින් 50 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දුම්රියේ රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා සිදුකළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී අත්අඩංගුවට ගත් මගින් අතර කාන්තාවන් 15 දෙනෙකු සිටි බවද දුම්රිිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
දුම්රියේ ක ළ පරික්ෂාවෙිදී හොරට ගමන්කළ , ප්‍රවේශපත්‍ර නොමැති මගීන් 8 දෙනෙකුට කොටු කර ගැනිම දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වි ඇත.
2 පංතියේ කල පරික්ෂාවේදි 3 තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් හිටගෙන සිටියදි 3 වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගින් සැපට නිදාගෙන යමින් සිටියදී කොටුකර ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබේ.
මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් 36 දෙනෙකුගෙන් ඒ මොහොතේ ම රුපියල් 1 14940/ දඩ මුදලක් අයකර ගැනිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත. ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබා ගොස් තිබේ.
ඉදිරියේදීත් දිගින් දිගටම දුම්රියවල ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බැවින් දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රිය වල ගමන් කරන්න .එහිදි තමන් ට හිමි පංතියේ ගමන් කිරිමට පියවර ගන්න . එසේ නොමැතිවුවහොත් දුම්රිියේ ගමන් කර හසුවුවහොත් තරා තිරම නොබලා දැඩි ලෙස දඩුවම් පැමිනිවීමට සිදු වන බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර ආරක්ෂක අධිකාරී වරුන්වන කරුණානායක , ජයන්ත යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ , දුම්රිය ආරක්ෂක සේවයේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් , බඩු ගබඩාවේ කාර්’යභාර නිලධාරි විජෙරත්න, උපපරීක්ෂකවරුනවන ලෙස්ලි , අනුරුදධ , සැරයන් වරුන්වන උපාලි විජේරත්ත, ප්‍රියංකර ,පාලිත පුෂ්පකුමාර, තිලකරන්ත,රොෂාන් ප්‍රියන්ත,පුෂ්පකුමාර,එස්.එන්.ජේ.සිල්වා, ආරක්ෂක නිලධාරීන් වන ලලිත්, රණසිංහ ,සුගත් , ආරක්ෂක නිලධාරීනියන්වන සේපාලි, පද්මිණි, දුරංගි ඇතුළුව නිලධාරීන් තිස් හත් දෙනෙකු මෙම වැටලීම සිදු කළහ.