Spread the love


නිමල් රාජපක්ෂ-

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 8535 දරණ (ෆවුසි) කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී ඉහළ පංතියේ ගමන්කළ මගින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන රුපියල් එක්ලක්ෂ දහහත්දාස් තුන්සිය අසුවක (1 17 380) දඩ මුදලක් රජයට ලබා දිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වි ඇත.

ප්‍රවේශපත්‍ර පරික්ෂාව ඊයේ(13) පෙරවරුවේ රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා සිදු කොට තිබේ.

මෙහිදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ නිදාගෙන ගමන් කල මගීන් 37 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් මගින් අතර කාන්තාවන් 15 දෙනෙකු සිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතා පවසයි.

ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගින් බොහෝ දෙනෙකු හිටගෙන සිටි අතර ඹවුන් ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරිම ගැන ප්‍රශංසා කොට ඇතැයිද වාර්තාවෙයි.
මගීන් තමන්ට හිමි පංතියේ ගමන් නොකරන්නේ නම් තරා තිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන බවත් දඩ මුදල් නොගෙවන්නන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.

අත්අඩංගුවට ගත් මගීන් හට කිසිදු සමාවක් නොදුන් අතර ඒ මොහොතේම දඩ මුදල් අයකර ගැනීමට පියවර ගත් බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුහ.

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , සහකාර ආරක්ෂක අධිකාරී එස්.කේ.එන් කරුණානායක මහතාගේ අධික්ෂණයෙන් , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සුසිල් ප්‍රේමරත්න මහතාගේ මෙහෙය වීමෙන් , උප පරික්ෂකවරුන්වන අමල් රෝහන ,ලෙස්ලි ගුණරත්න, කොන්ස්සන්ටන් ටයිම්, සැරයන් වරුන්වන ප්‍රියන්ත , පාලිත පුෂ්පකුමාර, තිලකරත්න , පුෂ්පකුමාර,පෙරේරා, කාන්තා ආරක්ෂිකා සේපාලික, ඉනෝකා, අනෝමා,මධුවන්ති , සුමුදු යන මහත්ම මහත්මීහු මෙම වැටලිම සිදු කළහ.