Spread the love

සිනමා ශාලාවකට චිත්‍රපටි නැරඹීමට යන අයට, ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි පවසයි.

ඒ අනුව ඒ සඳහා නීතියක් සම්පාදනය කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය පටිගත කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.