Spread the love

යාපනය කෝපායි පොලිස් වසමේ උරුම්පිරායි දකුණ ප්‍රදේශයේ පිහිටි ආපනශාලවක් තුල පුද්ගලයෙකු විසින් සිදුකල පිහරදීමකින් තවත් අයෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

උරුම්පිරායි දකුණ ප්‍රදේශයේ පිහිටි අදාල ආපනශාලවට පැමිණි පුද්ගලයෙකු සමග ආපනශාලාවේ සේවය කරන අයෙකු බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එය ආරවුලක් දක්වා දුරදිග යාමෙන් පසුව ආපනශාලා සේවකයාට මාරක පහරදීමක් සිදුකර අදාල සැකකරු පලාගිය බවට ආපනශාලා සේවකයින් පොලීසියට පවසා ඇත.

මෙහිදී පහරකෑමෙන් බරපතල තත්වයේ සිටි ආපනශාලා සේවකයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර පහරදීම පිළිබඳව පරික්ෂණ සිදුකල කෝපායි පොලීසිය විසින් උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

පහරදීම සිදුවූ ස්ථානයට (19) යාපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතා පැමිණ මසේත්‍රාත් පරික්ෂණය සිදුකරන ලදි.

මෙලෙස පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පී. සුබ්බ්‍රමණියම් නැමත්තෙකු වන අතර ඝාතනය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.