Spread the love

අයථා ලෙස ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.

‘වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ හෝ එවැනි නමකින් එය හැඳින්වීමට නියමිතව ඇත.

අයතා ලෙස උපයා ගත් මුදල් හෝ මුල්‍ය විශුද්ධිකරණය හරහා සොයාගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට මේ හරහා ක‍්‍රමවේදයක් සැකසෙයි.

නීති විරෝධී කළු සල්ලි හිමියන් සම්බන්ධ දැනටමත් රජයට ලැබී ඇති තොරතුරු අනුව රහසිගත පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් ඇත.