Spread the love

නිමල් රාජපක්ෂ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව ඉදිරියේදි මාසයකට මාර්ගයේ ධාවනය වන වාහන දාහක් භෞතිකව පරික්ෂා කරන බව වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.


දැනටමත් මාසයකට වාහන පන්සියයක් භෞතිකය පරික්ෂාවට ලක්කරන අතර රජය ගෙනයන වැඩ සටහනට සමගාමීව මෙම ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.
මීට අමතරව පාසල් දරුවන් හා පොලිස් නිලධාරීන්ද මේ සදහා දැණුවත් කිරිමට නියමිතය. විශේෂයෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් රාජකාරී කිරිමේදී මාක්ස් එකක් පැළදීමට පියවර ගතයුතුයි.. මන්ද 1995 වසරේදි රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රුධිර සාම්පල් වල කල පරික්ෂාවකදි ලේවල ඊයම් අඩංගුව බවට තහවුරු විය. එහි ප්‍රථිපලයක් ලෙස මෙරටට ඊයම් රහිත ඉන්ධන ගෙන්වීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැණින.


නමුත් ඩීසල් වාහන වලින් නිකුත්වන වාහන දුමාරයෙන් පෙනහලු ආශ්‍රිත කුඩා අංශු ශරීර ගතවීමෙන් අංශ භාගය වැනි නොයෙක් බෝනොවන රෝග වලට ගොදුරු විය හැකියි. මෙහි ප්‍රධානම ගොදුර වන්නේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් බැවින් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළදිය යුතුයි.


ප්‍රවාහන ඇමතිවරයාගේ යෝජනාවකට ට්‍රෆික් ලයිට් කවුන් ඩවුන්ඩ් කරන වැඩ සටහනක් ක්‍රියාත්මකවෙයි. රුපියල් මිලියන 55 මුදලක් ප්‍රමාණයක් යොදවා පළමු වටයේදී වර්ණ සංඥා පද්ධති (ට්‍රැෆික් ලයිට්) 200 ක් අලුත්වැඩියා කරන්න සුදානම් වෙලා තිබෙනවා.එම කටයුතු වලින් පසු මංසන්ධි වලදි වර්ණ සංඥා ක්‍රියාත්මකවන තුරු තම යතුරු පැදිය ,ත්‍රීරෝද රථයේ හා මෝටර රථයේ එංජිම ක්‍රියාවිරහිත කර තබන්නැයි ඉල්ලීමක්ද කෙරේ. මේතුළින් වායු විමෝචනය තුළින් පරිසරයේ සිදු වන හානිය අවම කර ගතහැකි අතර අනතුරු සිදුවීම්ද අඩුවන බවද පැවසෙයි.

මීට අමතරව මාර්ගයේ වාහන පරික්ෂාවකදි වාහනය ෆේල් වුනොත් කොහොමද මේ ක කරගන්නේ කියන එක කියා දෙනවා.
වාහන කදවුරු ආරම්භ කර අඩු ආදායම් ලාභී අයට යතුරු පැදි හා ත්‍රී රෝද රථ සදහා කටයුතු කරන්න සුදානම් කරනවා. තෝරා ගත් දිනයක තමන්ගේ වාහනය නොමිලයේ එංජිම ටියුනප් කර ගන්න නොමිලයේ අවස්ථාව සලසා දෙනවා. . ඊළගට ගරාජ්වල සිටින කාර්මික ශිල්පීන් ප්‍රතීතනය කරන්න වැඩසටහනක් අරඹා ඹවුන් ට හරියට කොහොමද එංජිමක් ටියුන් කරන්නේ කියන එක පුහුණු කර N V Q. තහතිකයක් ලබා දීමට පියවර ගන්නා බවද වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න