Spread the love

හොඳ රටක් තම ආණ්ඩුවට භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක් සිදුකර නැති බවත් ඔහු චෝදනා කරයි.

ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.

දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

බාර දී රට තත්වය අනුව වැඩ කරද්දි එසේ සිදුවන බවද ඔහු පැවසුවේය.

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.