Spread the love

නාගොඩ -සුමන

හෙද සේවාව සදහා හෙද සිසු සිසුවියන් 3316 දෙනෙකු කඩිනමින් බදවා ගැනීම ට දිවයින පුරා හෙද පුහුණු විද්‍යාල පහසුකම් ඉහළ නංවන ලෙස අදාළ අංශ වෙත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

2018,2019 වර්ෂයන්ට අදාළව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය සදහා පෙනිසිටි සිසු සිසුවියන්ගේ අයදුම්පත්‍ර කැදවා කල සම්මුඛ පරීක්ෂණ වලට අනුව දිවයිනම ආවරණය වන පරිදි මෙම සිසු හෙද හෙදියන් තෝරාගෙන තිබේ.

මෙම තෝරාගත් සිසු හෙද හෙදියන්ට මෙරට හෙද විද්‍යාල 16කදි පුහුණුව ලබාදීමට නියමිත බව එම අමාත්‍යංශය පවසයි.

මේ වනවිටත් නවක හෙද සිසු සිසුවියන් බදවා ගැනීම සදහා යම් කාලයක් ගතව ඇති බැවින් එම බදවා ගැනීම් ප්‍රමාද නොකර කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.