Spread the love


නිමල් රාජපක්ෂ

රජයේ රෝහල් වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව පවත්වාගෙන යාමේ අරමුණින් අයදුම්පත් යොමු කල හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණූවට ඇතුලත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

2019/2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂයධාරා වලින් සමත්වී සිසු හෙද පුහුණූව සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් සිසු හෙද පුහුූණුවට තෝරා ගැනීමට මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි මස 13 දින සිට පෙබරවාරි මස 18 දින දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ‍
මෙම සම්මුඛ පරීක්ෂණ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ හා දිවයින පුරා හෙද විදුහල් වල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අයදුම්කරුවන් 4000 කට අධික ප්‍රමාණයක් මේ සදහා අයදුම්කර ඇත.
මේ පිලිබද වැඩි විස්තර (දෙසැම්බර්) මේ මස 27 දිනෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකිරීමට කටයුතු කරන අතර 27 වැනි දිනෙන් පසු අයදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර අවශ්‍ය විස්තර ලබා ගන්නා මෙන්ද සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටී.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 45,000 කට අධික ප්‍රමාණයක් සේවය කරයි. දිවයින පුරා හෙද පුහුණු පාසල් 17 ක හෙද සිසු සිසුවියන් 6500 අධික ප්‍රමාණයක් පුහුණු පාඨමාලාවල නිරත වන බවද සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේය