Spread the love

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කෙරෙන හෙට (01) දිනය දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.

ඒ අනුව හෙට දිනයේ දකුණු පළාතේ සියලු රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කරනලෙස දන්වා තිබේ.

රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු හෙට සවස රුහුණු විශ්ව විද්‍යාලයේදී සිදුකිරීමට නියමිතයි.