Spread the love


නිමල් රාජපක්ෂ-

සියළු පහසුකම් වලින් සමන්විත පාසල් වලින් මෙවර 5 වසර ශිෂ්‍යත්වය ඉතා ඉහළින්ම දරුවන් සමත්වුවත් ඉතා දුෂ්කර පාසල් වලින් දරුවන් 5 වසර ශිෂ්‍යත්වය සමත්වුවත් ඒ පිළිබදව කිසිවකුගේ ඇස නොගැටීම කණගාටුවට කරුණක්.

එවැනි පාසලක් අපට හමුවුයේ ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාශයේ ඉතා දුෂ්කර පාසලක් වු හිපන්කන්ද ප්‍රාථමික විද්‍යාලයයි.

එම පාසලෙන් මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් දරුවන් හතර දෙනකු සමත්වී ඇතැයි එහි විදුහල්පති කමල් ශ්‍රී ලියනගේ මහතා පවසයි.


උපකාරක පංතියකටවත් යාමට වත්කමක් නොමැති දරුවන් සිටින මෙම පාසලේ දරු දැරියන් 84 දෙනෙකු අකුරු කරති . මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 24 දෙනෙකු ඉදිරිපත්වු අතර එයින් දරුවන් හතර දෙනෙකු සමත් වි ඇත.


රිසදි පේෂලා -176,යසලි නොමින්යා-173, දුල්යා නතාරි-171, හෙසදි විනුත්මි-156 යන දරුවන් මේ අයුරින් ලකුණු ලබාගෙන සමත්වි තිබේ. දරුවන් 11 දෙනෙකු ලකුණු 100 වැඩියෙල් ලබා ගෙන තිබු බවද විදුහල්පතිවරයා පැවසුවේය.


මෙම දරුවන් සදහා නොමිලයේ සවස් වරුවේ පාසලේම ඉගැන්වීමට ගුරුවරු සමත්වී තිබිණ. ඒ.සී.එස්.කුමාරි පංතිභාර ගුරුතුමියගේ දැඩි කැපවිමකින් කටයුතු කළහ. ඉංග්‍රීසී උගන්වන සී.එච්.කොන්සි ගුරු මෙනෙවිය සතියට දින දෙකක් නොමිලයේ සවස් වරුවේ උගැන්වීම් කටයුතු කිිරිම් සිදු කලහ.

මීට අමතරව විදුහල්පතිවරයා පෙරවරු 6.30 සිට ශිෂ්‍යත්ව විභව්‍යාතාමාන ගැන නොමිලයේ උගැන්වීම් කටයුතු කිරීම් තුළින් මෙම දරුවන් ශිෂ්‍යත්වය සමත්වීට හැකියාව ලැබී තිබිණ.
දෙමාපියන්හට ස්ථිරසාර රැකියාවන් නොමැතිව එදිනදා කුලිීවැඩ කරමින් ජිවිකාව ගෙනයන හිපන්කන්ද ප්‍රදේශයේ දෙමාපියන්ගේද සිහිනය තම දරුවාට හොදින් උගන්වා හොද රැකියාවට යොමුකර වීමයි.

එය සිහිනයක් බවට පත්වන්නට නොදි බලධාරින් මෙවැනි දුෂ්කර පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නේ නම් මීට වඩා ප්‍රථිපල ලබාගෙන යහපත් දරුදැරියන් පිරිසක් සමාජයට දායක කරගත හැකිවනු නොඅනුමාණයි.