Spread the love

පොලිස් නිලධාරිනියකට අසභ්‍ය ලෙස බැණ වැදී පහර දුන්නේ යි 31 හැවිරිදි තරුණියක ගන්දර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඇය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසමින් මෙසේ පොලිස් නිලධාරීන් බැන වැදී ඇත.

පොලිස් ත්‍රිරෝද රථයකින් පොලිසිය නිලධාරීන් පිරිසක් පැමිණෙමින් සිටියදී මෙම කාන්තාව පදවා ගෙන ජීප් රථය පොලිස් ත්‍රිරෝද රථයේ ගැටෙන්නට යාම මත මෙම මත ගැටුම ඇතිව තිබේ.

තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බවත් තමන් කවුදැයි දවස් දෙකකින් දැනගත හැකි බවත් කියමින් ඇය පොලිසියට බැණවැදී ඇත.

ඕස්ට්‍රෙිලියාවේ නීතිඥවරියක ලෙස තමන් රැකියාව කරන බව ද පවසා තිබේ.

කලහාකාරිව හැසිරීම මත ඇය අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේ කාන්තා පොලිස් නිලධාරිනියකට වැලමිටින් පහරදී ඇතැයි චෝදනා එල්ල වෙයි.