Spread the love

ඹබට ජන්දය භාවිතා කිරීමේදී හැදුනුම් පතක් නොමැතිව ගැටලුවකින් පසුවන්නේ ද එයට කඩිනමින් විසදුම් ලබා දීමට මැතිවරණ කොමිසම තිරණය කර ඇත.

එනම් ජන්දය භාවිතා කිරීමට යම් අයෙකුට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ඔවුන්ට රියදුරු බලපත්‍රය, භික්ෂු හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය යොදා ගැනීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එවැනි කිසිවක් නොමැති පුද්ගලයෙකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ .

ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී ඡායාරූප දෙකක් සමඟ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.