Spread the love


නිමල් රාජපක්ෂ-

තීරු බදු නොගෙවා මුහුදු මගින් මෙරටට ගෙන්වු රුපියල් එක්කෝටි දසලක්ෂයක් වටිනා තෙන්ඩු කොල තොගයක් ප්‍රවාහනය කල ලොරි රථ දෙකක් සමගින් සැකකරුවන් දෙදෙනකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකෙහි තිබී තෙන්ඩු කොල කිලෝ 1200 ක් සොයා ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති කේ.ජී.එස්.ජානක මහතා පවසයි.


අදාල සැකකරුවන් නොරොච්චෝලේ සිට මුහුදු මගින් මෙරටට ගෙන්වු තෙන්ඩු කොල මදුරන්කුලිය ප්‍රදේශයේදී ලොරි රථවලට පටවා ප්‍රවාහනය කරද්දි වේවැල් දෙණිය රදාවඩුන්න ප්‍රදේශයේදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ලොරි රියදුරන් කල් ඉකුත්වු හාල් ප්‍රවාහනය කරන මුවාවනේ මෙම තෙන්ඩු කොල ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයිද , මීට පෙර පරික්ෂා කරන ස්ථාන දෙකකින් බේරි පැමිණි බවද සැකකරුවන් සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගය සමගින් ලොරිරථ දෙක හා සැකකරුවන් දෙදෙනා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුනසිරි මහතා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු නියම කිරිමට නියමිතය‍

තව දුරටත් අදහස් දැක්වු කේ.ජී.එස්.ජානක මහතා,

සුරාබදු කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් මත, සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ( නීති) චන්න වීරක්කොඩි මහතාගේ මගපෙන්වීමෙන් , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරාබදු අධිකාරි කේ.පී.එස්.පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ, මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරාබදු ස්ථානාධිපති කේ.ජී.එස්.ජානක මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු කෝප්‍රල්වරුන් වන 763 හේරත් ,908 බංඩාර , 911 ප්‍රභාත්, සුරාබදු නියාමකවරුන් වන 1029 ඒකනායක , 1061 ලලන්ත, 1066 නිපුණ , 1128 ලක්මාල් , සුරාබදු නියාමක රියදුරු බුද්ධික යන මහත්වරු මෙම වැටලීම වැටලීම සිදු කළහ.