Spread the love


නිමල් රාජපක්ෂ-

.

රෝගී ළමුන්ගේ විවෘත හදවත් සැත්කම් සිදු කිරිමට රුපියල් මිලියන 80 ක් වටිනා Heart Lung Machines යන්ත්‍ර දෙකක්.ඊයේ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඊයේ ලබා දි තිබේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙරට රෝහල් පද්ධතිය සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනම්න් ලබාගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා‍ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ ජනාධිපති තුමාගේ ද සෘජු මැදිහත්වීම මත මෙම වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම උපකරණ ලබාදීම සිදු වූ අතර, එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80 කි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විවෘත හදවත් සැත්කම් සදහා භාවිතා කරන යන්ත්‍ර වසර 15 කට වඩා පැරණි වන අතර, එම යන්ත්‍ර තවදුරටත් භාවිතා කිරිමට සුදුසු තත්ත්වයක නොපවතී.

විවෘත හදවත් සැත්කම් සදහා වන පොරොත්තු ලෙඛනයේ දැනට කුඩා රෝගී ලමුන් 3,000 ක් පමන සිටින බැවින් මෙම යන්ත්‍ර මගින් විශාල සේවයක් ලබාගත හැක.