Spread the love

සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්ව ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අද දිනයේ ද රෝහල් කටයුතු අඩපණ විය

රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසුවේ රජයෙන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.