Spread the love

.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීම පිලිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ගැනිණ.

මෙරට ඩෙංගු මදුරු ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් ඩෙංගු මදුරු මර්දනය, ඩෙංගු කීටයන් හා මදුරුවන් බෝ වන ස්ථාන හදුනා ගැනීම, මදුරු ව්‍යාප්තිය පිළිබද අවශ්‍ය හදුනා ගැනීම, වැනි කරුණු සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම මෙන්ම ඊට අවශ්‍ය උපකරණ, නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම සදහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී  අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මියගෙන් ඉලීමක් කර සිටියේය.

මෙරට වැඩිහිටි ජනගහනය හා ආබාධිත පුද්ලයන්ගේ ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමභාවය හා කඩිනම්භාවය තවත් ඉහල නැංවීමට නවීන තාක්ෂණය භාවිතා කිරීම පිලිබදව මෙන්ම, ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයුම් සදහා නවීන තාක්ෂණය යොදා ගනිමින් එම සැපයුම් කඩිනම් කිරීමේ ක්‍රමවේද පිලිබදවත් මෙහිදී සාකච්ජා කලේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) , ආසියානු සංවර්ධන බැංකුව (ADB), ඒඩ්ස් ,ක්ෂයරෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමේ ගෝලීය අරමුදල ( GFATM) වැනි සංවිධාන,ආයතන සමඟ සම්බන්ධ වී කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් ඊට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවද නියෝජිතවරිය වැඩිදුරටත් සදහන් කලාය.

මෙම සාකච්ජාමය අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් ඒකාබද්ධ කළමනාකරණ කණ්ඩායමේ කණ්ඩායම් නායක Fadhil Bakeer Markar, ආර්ථික විශේෂඥ Dr. Vagisha Gunasekara යන මහත්ම මහත්මින්ද සහභාගී වුහ.