Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පොලොන්නරුව සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙමින් ඇතිබව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් එම මාර්ගය මේවන විට සම්පූර්ණයෙන් වසා තිබේ.

සෝමාවතිය පුදබිමද මේ වනවිට ජලයෙන් යටවී තිබේ.

මේ අතර පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල මනමිපිටිය අතර කොටස ඊයේ (28) පස්වරුවේ සිට ජලයෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේද ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇතිබව පොලිසිය පවසයි.

පොලිසිය සදහන් කර සිටියේ පවතින අධික වැසි සමඟ ජලාශ වල වාන්දොරටු විවෘත්ත කිරීමත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජල ගැලීම් තත්වය උදා වී ඇති බවයි.