Spread the love

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා අයවැය මගින් වෙන් කළ රුපියල් බිලියන 20ක් මුදල අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ඒ අනුව ඉන් රුපියල් බිලියන 15ක් පවතින ව්‍යවසාය සඳහා අඩුපොලී ණය ලබා දීමට වෙන් කර ඇති අතර තවත් බිලියන 5ක මුදලක් අදාළ ව්‍යාපාර මගින් බැංකුවලට ගෙවීමට ඇති අක්‍රීය ණය සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම ක්‍රියාවලිය චක්‍රීයව සිදු කිරීම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර කටයුතු යථාවත් කර ගැනීම සඳහා ශක්තිමත් පසුබිමක් නිර්මාණය වනු ඇති බව සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කරයි.