Spread the love

සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් නව සැලැස්මක් යටතේ පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ,

රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ැපැවසුවේය..