Spread the love

නාවික හමුදා විසින් සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මුහුදු තීරයේ දෙවුන්දර ආසන්නයේ ට්‍රෝලර් යාත්‍රාවක් සමග මෙම මත්ද‍්‍රව්‍ය තොගය අත්අඩංගුට ගෙන ඇත.

ඔවුන් සමග සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන හාරදාහට වඩා වැඩි වනු ඇතැයි නාවික හමුදාව කියයි.