Spread the love


නිමල් රාජපක්ෂ-

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බවත් ඒ සදහා ආදල සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.


ඇමතිවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් ෙවමිනි.

නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන බවයි

මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,

මෙහිදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ , අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ , සුරාබදු කොමසාරිස් පාලන රොහාන් සේනාරත්න,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නිති චන්න වීරක්කොඩි ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් යෙදවුම් ශාමන් රත්නායක , යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.