Spread the love

නිමල් රාජපක්ෂ-

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරණ දුම්කොල හා තෙන්ඩු කොල ප්‍රාවාහනහයේදී හසුවුහහොත් මාර්තු 1 වැනිදා සිට එම වාහනය රාජසන්තක කරන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාමත්මක කිරීම් චන්න වීරකොඩි මහතා පවසයි.
මේ වනවිටත් එම නීතිය ක්‍රියාත්මකව පවතින අතර මාර්තු 1 වැනිදා සිට එම නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද චන්න වීරක්කොඩි මහතා පැවසුවේය.
තෙන්ඩු කොල නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු වන් වැටලීම් සිදු කොට මේ වනවිටත් දඩ නියම කොට ඇත. මෙතෙක් අත්අඩංගුවට ගත් වාහන පළමු වතාවට නිදහස් කර ඇති අතර ඉදිරියේදී යළිත් හසුවුහහොත් එම වාහන රාජසන්තක කොට වෙන්දේසි කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.

නීත්‍යානු කූල ලැබෙන තෙන්ඩු කොල සම්බන්දයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙන අතර එ්වා කුමන නිෂ්පාදකයින්හට ද නිකුත් ඇත්තේ , එම ප්‍රමාන සොයා බලා බීඩියකට රුපියල් 2 බැගින්වු අදාල දුම්කොල බද්ද ගෙවිය යුතු වෙයි. නිත්‍යානුකූලව ගෙනා දුම්කොල හා තෙන්ඩු කොල මත අදාල නිත්‍යානු කූලව බද්ද නැවත පරික්ෂා කර හිගබදු මාර්තු 31 පෙර ගෙවන්න. එසේ නොමැතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ද නිතිය තදින් ක්‍රියාමත්මක කිරීමට පියවර ගැනේ.

නීති විරෝධී ලෙස‌ ගෙන්වන ලද දුම්කොල හා තෙන්ඩු කොල සම්බන්ධයෙන් විශේෂ වැටලීම් මාලාවක් මේ වනවිටත් දියත් කොට ඇත දැනටමත් එ සම්බන්ධයෙන් සැකකරුවන් තෙන්ඩු කොල. වාහන, බෝට්ටු වැනිදෑ අත්අඩංගුවට ගැනීම්සිදු කරන බවද ඉදීරියේදීත් දිගින් දිගටම මේ සම්බන්ධ යෙන් විශේෂ වැටලිම් සිදු කරන බවද චන්න වීරක්කොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය

තව දුරටත් අදහස් දැක්වු චන්න වීරක්කොඩි මහතා,