Spread the love

ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත රතු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් ඉන්දියාන්‍ර රතු සීනි ලෙස වෙළෙඳපලට නිකුත් කිරීමේ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්පාලයට අනුයුක්ත නිලධාරීන් විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී වැටලීමකට ලක් කර තිබෙනවා .

එහිදී අදාල ව්‍යාපාරිකයා විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කරන අතර කිලෝග්රෑම් 50 හිස් සීනි අසුරන 2500 කට අධික ප්‍රමාණයක්ද එම ස්ථානයේ තිබියදී නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබෙනවා .

එමෙන්ම අදාල සීනි හිස් අසුරන ප්‍රමානය අනුව ඒවායේ තිබූ සීනි ඉන්දියාන්‍ර රතු සීනි ලෙස සකස්කර වෙළඳපළට අලෙවි කර ඇතිද යන්න සම්බන්ධව තවදුරටත් නිලධාරීන් විසින් විමර්ශන සිදු කරමින් පවතිනවා .

මෙසේ කලවම් කර රතු සීනි බවට පත් කරන ලද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 300.00 ක පමණ මිලකට අලෙවිකර අති අතර සුදු සීනි කිලෝවක් රුපියල් 240.00 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310.00 බැගින් ඔවුන් මිලදීගෙන ඇති බවට හඳුනාගන තිබෙනවා .

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් දුඹුරු සීනි මිලයට ගෙන සුදු සීනිත් සමග කගවම්කර ඉන්දියන් සීනි ලෙස ගවරවල කිලෝ 50 මිටි ලෙස සකසා කොළඹ ප්‍රදේශයේ වෙළදසැල් සදහා සතියකය දෙවතාවත් ලොරි මගින් ප්‍රවාහනය කර ඇත. දෙනියාය ප්‍රදේශයේ කණ්ඩායමක් විසින් ඇඹිලිපිටිය ප්‍රදේශට පැමිණ මෙම වංචාව සිදුකර ඇතිබව අනාවරණය විය.

මෙම වැටලීමේදී මෙම ක්‍රියාව සිදුකරගෙන ගිය හිමිකරු ගෙන් ප්‍රකාශසටහන් කරගෙන ඇත. සුදු සීනි වර්ණ ගැන්වීම සදහා යොදාගත් උපකරණ සීනි කලවම් කිරීම සදහා ගන්නා ලද උපකරණ ඇතුලුව සියල්ලම පාරිභෝගික නිලධාරින් ගේ භාරයට ගෙන එම ගබඩාව සම්පුර්ණයෙන් ම සීල්තබන ලදී.

මේ සම්බන්ධව තවදුරටත් නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන අතර ඉදිරියේදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.