Spread the love

නිමල් රාජපක්ෂ-

මත්පැන් වැඩිමිලට විකීණීමේ වරටද සීල් තැබු මොනරාගල කාන්ති රටබීම හලට රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් අද(24) සවස අයකර ගත් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
අදාල රටබීම හල පිටි පිට දින දෙකක් මත්පැන් වැඩි මිලට අලෙවි කොට සුරාබදු නිලධාරීන්හට හසුවීම හේතුවෙන් මෙම දඩමුදල අයකර ගැනීමට සුරාබදු කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ.

මත්පැන් වැඩිමිල අලෙවි කල මොනරාගල රටබිම හල වහාම ක්‍රියාත්මකවන පරිදි පසුගිය (22) සවස සීල් තැබු බව සුරාබදු කොමසාරිිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා ගේ උපදෙස් මත සීල් තබා තිබුණි.
අදාල සුරාබදු ස්ථානයේ මත්පැන් වැඩි මිලට අලෙවි කරන බවට ලද මහජන පැමිණිලි මත පසුගිය (21) දිනයේ කල පරික්ෂාවකදි අරක්කු බෝතලයක් රුපියල් 250 ක් වැඩියෙන්ද ,බියර් බෝතලයක් රුපියල් 40 ක්ද වැඩියෙන් අලෙවි කර තිබු අතර සුරාබදු නිලධාරීන් (21)කාන්ති රටබීම හලේ බලපත්‍ර ලාභියාට අවවාද කර පැමිණ තිබේ.
නමුත් රටබීම හලේ මත්පැන් දිගින් දිගටම වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් සුරාබදු නිලධාරීන් (22) දිනයේත් කල පරික්ෂාවකදි මත්පැන් වැඩිමිල ට අලෙවි කිරීම හේතුවෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා වහාම රටබීම හල සීල් තැබීමට නියෝග කොට ඇත.
බලපත්‍ර ලාභියා දිගින් දිගටම වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් අදාල සිද්ධිය පිළිබද පරික්ෂණයක් පෑවැත්වීමෙන් පසු මෙසේ දඩමුදලක් ගෙවන ලෙස නියම කොට තිබේ.
දිවයින පුරා මත්පැන් වැටලීම් දිගින් දිගටම සිදුකරන අතර වැරදි සිදු කරන කිසිදු පුද්ගලයකුට සමාවක් නොදෙන බවද සුරාබදු කොමසාරිස් වරයා තරයේ කියා සිටියේය.