Spread the love


නිමල් රාජපක්ෂ-

රට තුළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් පවතින බැවින් සීනි හිගයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදුවීමට ඉඩ නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

තවමත් බදු ඉහළ දැමීමට පෙර ගෙනා එ්වා තිබෙන බැවින් වැඩි මිලට අලෙවි කරන්නන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඇත.
නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය සීනි හිගයක් නිර්මාණය වීම වැලැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ එවැනි අවස්ථා පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුම්වත් කිරීම කළ යුතු බවයි.

දැරණියගල ඉළුක්තැන්න ප්‍රදේශයේ පැවැති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.