Spread the love

සීදුව ප්‍රදේශයේදි සිය මව සමග යතුරු පැදියකින් ගමන් කරද්දි පෙරවරු 11.30 පමන සීදුව පල්ලිය හන්දියේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතබා පලා ගොස් තිබේ.

සිද්ධියෙන් යතුරු පැදිය ධාවනය කළ 37 අයගේ කට ප්‍රදේශයට වෙඩි පහර වැදි බරපතල තුවාල ලබා ඇති බැවින් ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළු කර තිබේ.
වෙඩිතැබීමෙන් ඔහුගේ මවට හානියක් සිදුව නොමැති බවට තොරතුරු වාර්තාවෙයි.

වෙඩි වැදි තුවාල වු කොටුගොඩ පුබුදු මාවතේ පදිංචි පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි