Spread the love

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ළධාරීන්ට උපදෙස් ලබා දෙයි

මෙම ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර තිබේ.

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම උප ව්‍යාපෘති 8ක් යටතේ සිදු කෙරේ. එනම් සීගිරිය නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම් හා සීගිරිය පර්වත පිවිසුම් ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම, පිදුරංගල, මාපාගල පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය, කළුදිය පොකුණ වැඩිදියුණු කිරීම, රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංවර්ධනය, සීගිරි වැව වැඩි දියුණු කිරීම, තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, ඉනාමළුව වැව හා ගලේවෙල වැව අවට යටිතල පහසුකම් සංවර්ධනය, කැළිකසළ කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමයි.

සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගර හා ඒ අවට හඳුනාගත් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාප ලෙස සංවර්ධනය කෙරේ.. මේ ප්‍රදේශ සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ.