Spread the love

නාවල ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක සිසුන් දෙදෙනෙක් නීතිවිරෝධී ලෙස වේදනානාශක වර්ග අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටියදී ආමර්වීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම අතරතුරදී මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නමින් ව්‍යාජ මුද්‍රාවක් හා සායන මගින් රෝගීන් සඳහා නිකුත් කරන පොතක් සකස් කර, වේදනා නාශක බෙහෙත් වර්ග වෛද්‍යවරයා සටහන් කරන ආකාරයට සටහන් කර ඔසුසැල්වලින් ලබා ගෙන පසුව ඒවා අලෙවි කළ බව අනාවරණය වී තිබේ.